අරගලය අස්සේ මාධ්‍යවේදීන් අතර ගැටුමක්.අරගලය පසෙකලා අරගලකරුවොත් ගැටුමට එයි. (VIDEO)

Sri Lanka SL Protest Journalists In Sri Lanka
By Wayomi Mar 22, 2023 05:57 AM GMT
Report

ගුරුවරුන්ට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් අද(22) පැවැත්වුණා.

එය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් අතර ගැටුමක් ඇති වූ අතර අවසානයේ එම ගැටුමට අරගලකරුන් ද හවුල් විය.

එලෙස ගැටුම ආරම්භ වී ඇත්තේ මාධ්‍යවේදීන් පිරිසක් විසින් නිල නොලත් මාධ්‍යවේදියෙකුගේ අනන්‍යතාවය විමසීමේදීයි.

මාධ්‍යවේදීන් විසින් ඇතිකරගත් මෙම ගැටුමට මැදි වූයේ, මාධ්‍යවේදීයෙක් යැයි කියාගත් ලාල් නැමති පුද්ගලයෙකි.

ඔහු සමාජ මාධ්‍ය තුළ විවිධ ඔහුගේ අනන්‍යතාවයක් ගොඩ නැගීමට උත්සහ දැරුව ද, නිල නොලත් මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිට ඇති අතර අනෙක් මාධ්‍යවේදීන්ට බාධා කරමින් සහ අරගලරුවන්ට සහය දක්වමින් හැසිරී ඇති බවටයි වාර්තා වන්නේ. . 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW