මොවුන් දැක තිබේද..? CID ය මහජන සහය පතයි..ඡායාරූප සහිතයි..(PHOTOS)

CID - Sri Lanka Police Ranil Wickremesinghe Sri Lanka
By Sithumi මාස 2 කට පෙර
Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී දේපලවලට හානි කිරීම සම්බන්ධව සැකකරුවන් හඳුනාගැනීම සඳහා මහජන සහය පතනවා.

2022 වසරේ ජූලි මස 09 වැනිදා ඇති වූ කළහකාරී හා ප්‍රචණ්ඩකාරී සිදුවීම්වල දී කළහකාරී පිරිස් විසින් ජනපතිගේ පුද්ගලික නිවසට රාත්‍රී කාලයේ අයුතු ලෙස ඇතුළු වී දේපලවලට පහර දී, ගින්නෙන් හානි කර දේපල විනාශ කර තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින්ගේ සිතුවම් කරන ලද ඡායාරූප පහතින් දැක්වෙන අතර එම ඡායාරූපවලට සමාන හැඩරුව සහිත පුද්ගලයින් සම්බන්ධව තොරතුරු වෙතොත් 071-8594913, 011-2449358, 011-2320141 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery Gallery Gallery Gallery Gallery