ශ්‍රී ලංකාවේ කඩාවැටීමට හේතුව CIA හෙළිකරයි..! ඇමරිකානු ප්‍රධානියා කළ ආන්දෝලනාත්මක කතාව.
චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් අනවශ්‍ය බලාපොරොත්තු තැබීම ශ්‍රී ලංකාවේ ආර්ථීකය කඩාවැටීමට හේතුවූ බව අමෙරිකාවේ CIA සංවිධානයේ ප්‍රධානී විලියම් බර්න්ස් පවසයි. අමෙරිකාවේ, ඇස්පෙන් වාර්ෂික ආරක්ෂක සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
වාර්ෂිකව පවත්වනු ලබන ඇස්පෙන් ආරක්ෂක සමුළුව මෙවර අමෙරිකාවේ, කොලරාඩෝ ප්‍රාන්තයේදී පැවැත්වුණි. එහිදී අමෙරිකානු CIA සංවිධානයේ ප්‍රධානී විලියම් බර්න්ස් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ චීන ව්‍යාපෘති කෙරෙහි අදූරදර්ශී විශ්වාසයක් තැබීම බවය.
අමෙරිකානු CIA සංවිධානයේ ප්‍රධානී විලියම් බර්න්ස්, "චීනයට ආර්ථික වශයෙන් සිය ආයෝජන සඳහා උපරිම ප්‍රතිලාභ හිමිකර ගැනීමේ ඉහළ හැකියාවක් පවතිනවා.
ආරක්ෂක වශයෙන් ඔවුන් සාමාන්‍යයෙන් පරීක්ෂකාරී වන බව කිව හැකියි. පසුගිය කාලය තුළ මැදපෙරදිග සහ දකුණු ආසියාවේ අමෙරිකානු අත්දැකීම් ගැන අවධානය යොමුකිරීම ඊට හේතුවක්."
"මේ නිසා මැදපෙරදිග කලාපයේ ඇතැම් ප්‍රදේශවලින් ඔවුන් යම් අන්දමක දුරස්වීමක් දැකිය හැකියි." "ශ්‍රී ලංකාව වැනි රටවලින්ද ඔවුන් යම් පාඩමක් ඉගෙන ගන්න ඇතැයි සිතනවා. සිය ආර්ථික අනාගතය උදෙසා චීන ව්‍යාපෘති පිළිබඳව අදූරදර්ශී බලාපොරොත්තු තබමින් අධික ලෙස ණය ගැතිවීමේ ප්‍රතිඵලයක් ලෙසයි අද ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනමය වශයෙන් විනාශකාරී බිඳ වැටීමක් ඇතිවී තිබෙන්නේ."
"මම හිතනවා එය මැදපෙරදිග සහ දකුණු ආසියාවේ පමණක් නොව ලොව පුරා රටවල් රැසකට මෙවැනි ගනුදෙනු සම්බන්ධයෙන් විවෘතව සිතා බැලීම සඳහා ආදර්ශයක් වන බව."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |