ලොව පුරා මිලියන ගණනක් අනතුරේ හෙළමින් යළිත් වසංගතයක් හිස ඔසවයි - WHO අනතුරු අගවයි..!

Cholera World Health Organization
By Sewvandhi Feb 26, 2023 08:49 AM GMT
Report

 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, ලොව පුරා නැවතත් කොළරාව වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොවපුරා රටවල් 43ක වෙසෙන බිලියනය ඉක්මවූ ජනතාව මෙම අවදානමට මුහුණපා සිටින බව වාර්තා වේ.

අපිරිසිදු ජලය හෝ ආහාර භාවිතයෙන් වැළඳෙන කොළරාව හේතුවෙන් පාචනය වැනි රෝගී තත්ත්වයන් හටගන්නා අතර ඉන් ඇතැම් අවස්ථා මාරාන්තික වේ.

2022 වසරේ පටන් ලොවපුරා කොළරා රෝගීන් වාර්තා වීම ඉහළයමින් පවතින අතර ඉන් බහුතර උග්‍ර දරිද්‍රතාවෙන් පීඩා විඳින පිරිස වේ.

දරිද්‍රතාව, ආපදා, යුද ගැටුම් සහ කාලගුණික විපර්යාස මෙලෙස කොළරා වසංගතය උග්‍ර වීමට හේතුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now