ලොවක් හදුනන සුපිරි තරුව සටහනක් තබා දිවි ගමන නිමාකරයි - (PHOTOS)

South Korea
By Sewvandhi Jun 21, 2023 11:43 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජනප්‍රිය පොප් ගායකයෙකු සියදිවි හානිකරගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවු Choi Sung-bong නමැති දකුණු කොරියානු ජනප්‍රිය ගායකයෙකි. 

එනම් ඔහු, තමන්ට පිළිකාවක් වැළඳී ඇති බවට මීට පෙර ඔහු ව්‍යාජ රඟපෑමක් සිදුකර ජනතාවගෙන් මුදල් එකතු කර ඇති බවට අනාවරණය වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සියදිවි හානිකරගැනීමට පෙර එම සිදුවීම සම්බන්ධයෙන් තමන් සමාව ඇයද සිටින බවට සඳහන් සටහනක් යූ ටියුබ් වෙත එක්කර තිබූ බවයි.

එම සටහන මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ තමන් නිසා කරදරයට පත්වූවන් පිළිබඳව කණගාටුවට පත්වන බවය. 2011 වසරේදී එරට ජනප්‍රිය නාලිකාවක ගායන තරගාවලියකින් ඔහු රසිකයින් අතරට පැමිණියේයය.

GalleryGalleryGallery