ආන්දෝලනාත්මක චීන නැවේ කපිතාන් සරත් වීරසේකරට අතට අත දීම ප්‍රතික්ෂේප කරයි - හේතුව මෙන්න
අද හම්බන්තොට වරායට පැමිණි ‘යුවාන් වැන් 5’ නෞකාව පිළිගැනීම සඳහා පැමිණියේය කොළඹ සිටින චීන තානාපතිවරයා ද මෙරට දේශපාලනඥයන් පිරිසක් ද ගොස් සිටියේය.
නෞකාව පිලිගැනීම සදහා එහි සුළු උත්සව අවස්ථාවක් ද සංවිධානය කර තිබිණි. නෞකාව පිළිගැනීම සඳහා එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා නෞකාවේ කපිතාන්වරයාට අතට අත දීමට උත්සහ කළ ද කපිතාන්වරයා එය ප්‍රතික්ෂේප කරමින් අත වනා ආචාර කිරීමක් පමණක් සිදු කලේය.
කොළඹ චීන තානාපති වරයාද කපිතාන්වරයාට අතට අත දීමට උත්සාහ කල නමුත් කපිතාන්වරයා එයද ප්‍රතික්ෂේප කර තිබේ. ඊට හේතුව ලෙස නපිතාන්වරයා එහිදී දැනුම් දී ඇත්තේ කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් නැවක කපිතාන් ධුරය දරන තමන් අතට අත දීමෙන් වැලකී සිටින බවයි.
මේ අතර , හම්බන්තොට වරායට අද ළඟාවූ චීනයේ යුවාන් වැන්ග් ෆයිව් නෞකාවේ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාකාරකම් ජාත්‍යන්තර නීතියට සහ සාමාන්‍ය භාවිතයට අනුකූල බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පවසනවා.
ඒ සඳහා තුන්වන පාර්ශවයන් මැදිහත් නොවිය යුතු බවයි ඔහු අද ප්‍රකාශ කළේ. අගෝස්තු සහ සැප්තැම්බර් අතර කාලය තුළ ඉන්දියානු සාගරයේ වයඹ දිග මුහුදේ චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ ගවේෂණ කටයුතු සිදුකිරීමට මෙම නෞකාව මෙරටට පැමිණි බවට වාර්තා පළවනවා.
කෙසේ වෙතත් මෙම නෞකාව මෙරටට පැමිණීමට පෙර ඉන්දියාව, අවස්ථා කිහිපයකදීම සිය අප්‍රසාදය පළ කරනු ලැබුවා.
හම්බන්තොට වරායට අද සේන්දු වූ යුවාන් වැන්ග් ෆයිව් නෞකාව එහි ලබන 19 වනදා දක්වා නැංගුරම් ලා තැබෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |