"..මේ ප්‍රශ්නය යොමු කළ යුත්තේ ඉන්දීය මිතුරන්ට.. "චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Sri Lanka China India China Ship In Sri Lanka
By Sithumi Aug 16, 2022 03:47 PM GMT
Report

චීන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාදවීමට හේතුව විමසිය යුත්තේ ඉන්දීය මිතුරන්ගෙන් බව මෙරට චීන තානාපති චී ශෙන්හොන් මහතා පැවසීය. මතභේදයට තුඩුදුන් යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව අද (16) පෙරවරුවේ හම්බන්තොට වරාය වෙත පැමිණි අවස්ථාවේදී එය පිළිගැනීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ඔහු මේ බව පැවසීය.

මාධ්‍යවේදියෙක් - "ආරක්ෂක සහ ආර්ථික අවදානමක් මතු කරමින් ඉන්දියාව මෙම නෞකාවේ චාරිකාවට විරුද්ධත්වය පළ කළා. ඒ ගැන ඔබේ අදහස?"

චීන තානාපති - "මම හිතන්නේ ඔබ මේ ප්‍රශ්නය යොමු කළ යුත්තේ ඉන්දීය මිතුරන්ට. මේ ආකාරයේ නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණියේ පළමු වතාවට නෙමෙයි." "2014 වසරේදිත් මේ වර්ගයේ චීන නෞකාවක් කොළඹ වරායට පැමිණියා. මෙය ඉතා සාමාන්‍ය සිදුවීමක්. මා හිතනවා මාධ්‍ය මිතුරන් විෂය මූලිකව මෙහි අරමුණ ගැන ශ්‍රී ලංකා ජනතාව දැනුවත් කරයි කියලා." "මේ නෞකාව ප්‍රමාද කිරීමට හේතුව මම දන්නේ නැහැ. මම හිතන්නේ එය ජීවිතය වෙන්න ඇති."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now