ණය සාකච්ඡාවට චීනය එක් වූ හැටි..

China
By Sithumi May 09, 2023 03:26 PM GMT
Report

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය සඳහා ණයහිමි රටවල පළමු රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (09) පැවැත් වෙනවා.

ඒ පසුගිය අප්‍රේල් මාසයේ ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය එක්වී අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරදී එළිදක්වන ලද නව රාමුව යටතේයි.

කෙසේ නමුත් මෙරට විශාලතම ද්වීපාර්ශ්වික ණයහිමියා වන චීනය අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා සහභාගී වීම අවිනිශ්චිත බව ජපානය ප්‍රකාශ කර තිබුණු අතර එවන් පසුබිමක අද පැවැත්වෙන සාකච්ඡාවට චීනය නිරීක්ෂකයෙකු ලෙස එක්වීමට තීරණය කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.