චීනය මෙරට ගැන අවදානයෙන් පසුවන කාරණය..

Dollar to Sri Lankan Rupee Government of China China
By Sithumi Nov 25, 2022 06:23 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට චීන තානාපති චී ෂෙංහොං අතර අද (25) හමුවක් සිදුවුණා. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ගැන එහිදී දෙපාර්ශ්වය අතර කරුණු සාකච්ඡා වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝග ජයගැනීම සඳහා චීනය අඛණ්ඩව සහාය ලබාදෙන බවයි එහිදී චීන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත සඳහන් කර ඇත්තේ. 

 චීනය පිළිබඳව විදෙස් මාධ්‍ය හරහා පළ වන අසත්‍ය තොරතුරු හෙළාදකින බවද චීන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා හමුවේ පවසා තිබෙනවා.