චීනය ජපන් මුහුදු ආහාර ආනයනය නැවත තහනම් කරයි
චීනය සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික ආතතිය තීව්‍ර වීමත් සමඟ චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනයට සම්පූර්ණ තහනමක් පනවා ඇති බව ජපාන මාධ්‍ය අද (20) වාර්තා කළේය.
ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ විකිරණශීලී ජලය පැසිෆික් සාගරයට මුදාහැරීම නිසා 2023 අගෝස්තු මාසයේදී චීනය මුලින්ම මෙම තහනම පැනවූ අතර, මෙම වසර මුලදී එය ඉවත් කරන ලදී. නමුත් මේ මස මුලදී නැවත තහනම ක්‍රියාත්මක කර ඇති බව ජපාන මහජන විකාශක NHK සහ කියෝඩෝ ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

චීන රජයේ ස්ථාවරය වන්නේ, ෆුකුෂිමාහි ජල මුදාහැරීම දිගටම නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාව නිසා මෙම පියවර ගෙන ඇති බවයි.
මෙම තහනම බලාත්මක වන්නේ ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකයිචි මහතා නොවැම්බර් 7 වනදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයෙන් පසුවයි. එහිදී ඔහු පැවසුවේ,
“චීනය තායිවානයට ප්‍රහාර එල්ල කළහොත් එය ජපානයේ පැවැත්මටම තර්ජනයක් වන බැවින්, එවැනි අවස්ථාවක ජපානයට හමුදාමය ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවිය හැකි”
බවයි.
එමෙන්ම ඔසාකාහි චීන කොන්සල් ජෙනරාල් ෂු ජියන් X සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක්ද මේ දිනවල ජපානය තුළ බරපතල කතාබහට ලක්ව තිබේ. චීන රාජ්‍ය මාධ්‍ය සහ නිලධාරීන්ගේ දැඩි විවේචන හමුවේ ජපානය චීනයේ සිටින තම පුරවැසියන්ට ආරක්ෂාව තහවුරු කර ගන්නා ලෙසත්, ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් වැළකී සිටින ලෙසත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
දෙරට අතර සබඳතා මේ වන විට බරපතල අර්බුදකාරී මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
“ටකයිචිගේ වැරදි ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් බරපතල ලෙස උල්ලංඝනය කරයි” යනුවෙන් මාඕ පැවසූ අතර, ජපාන අගමැතිගේ ප්‍රකාශ “චීන-ජපාන සබඳතාවල දේශපාලන පදනමට මූලික වශයෙන් හානි කරයි”
යනුවෙන් ද පැවසීය.