චීන ණය නිසා අමාරුවේ වැටුණු රටවල් ඇමරිකාව බේරාගනී..?

United States of America China World Economic Crisis
By Sewvandhi Feb 17, 2023 04:23 PM GMT
Report

පාකිස්තානය සහ අනෙකුත් රටවල් චීනයට ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් අමෙරිකාව සැලකිල්ලක් දක්වන බව අමෙරිකානු බලධාරියෙක් පැවසීය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරී ඩෙරෙක් චෝල්ලේට් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ ඉස්ලාමාබාද් හි සංචාරයක් අතරතුරදීය.

මේ වනවිට පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් තිබේ. පාකිස්තානය අමෙරිකාවට මිත්‍ර රටක් ලෙස සැලකුව ද පසුගිය සමයේ එරට සංවර්ධන ව්‍යාපෘති සඳහා චීනය විශාල වශයෙන් මූල්‍ය සහාය ලබාදුනි.

ඒ හේතුවෙන් මේ වනවිට එරට ගැටලු උග්‍ර වී තිබේ.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now