චීනය අභිබවා ඉන්දියාව පෙරමුණට...

China India
By Sewvandhi Apr 10, 2023 10:09 AM GMT
Report

 අසල්වැසි ඉන්දියාව ජනගහනය අතින් දෙවැනි වන්නේ බිලියන 1.41ක ජනගහනයකින් යුතු චීනයට පමණයි.එනම් ඉන්දීය ජනගහනය බිලියන 1.408ක ජනගහනයකින් යුතු වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරන පරිදි, මේ මාසයේ දෙවැනි අර්ධයේදී චීනය පසුකරමින්, ලොව වැඩිම ජනගහනය ඇති රට බවට ඉන්දියාව පවත්වන බවයි.

2011 වසරේ සිදුකළ සංගණනයේදී ඉන්දියාවේ ජනගහනය දැක්වුණේ බිලියන 1.21ක් ලෙසය. ඒ අනුව ගෙවුණු වසර 12 තුළ ඉන්දියාවේ ජනගහනය මිලියන 210කින් පමණ ඉහළ ගොස් තිබේ.

එය බ්‍රසීලයේ සමස්ත ජනගහනයට සමාන අගයකි. ඉන්දියාව වසර ගණනාවක් තිස්සේ උපත් පාලනයට යොමුව සිටින අතර ජාතික සඵලතා ප්‍රතිශතය 2.0ක අගයක පවත්වාගැනීමට සමත්ව තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now