චීන රජයෙන් සුවිශේෂී පරිත්‍යාගයක්..!

Keheliya Rambukwella Sri Lanka Government of China
By Sewvandhi Apr 26, 2023 03:36 PM GMT
Report

චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු කොළඹ ජාතික රෝහලේ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා විසින් එය නිල වශයෙන් භාර දීම එම රෝහල් සංකීර්ණයේදී සිදු කෙරුනේ ඊයේ(25) පෙරවරුවේදියි.

එහිදී මෙම පරිත්‍යාගයට අදාළ ගිවිසුම් ලිපි හුවමාරු කරගැනීම අමාත්‍යවරයා හා චීන තානාපතිවරයා අතර මෙහිදී සිදු වූ අතර ඉකුත් වසර තුළ චීන රජය මගින් මෙරටට ප්‍රදානය කෙරුණු ඖෂධ හා වෛද්‍ය උපකරණ සම්බන්ධ ලිපි ගොනු හුවමාරු කර ගැනීමද මෙහිදී සිදු වී තිබෙනවා.

මෙම ගොඩනැගිලි සංකීර්ණය සඳහා ඩොලර් මිලියන 80ක මුදලක් වැයකර ඇති බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now