මෙරට පාසල් දරුවන්ට චීනයෙන් ලැබුණු දේ...

A D Susil Premajayantha Sri Lanka Government of China
By Sithumi Jan 13, 2023 12:01 PM GMT
Report

චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරට පාසල් දරුවන්ට 2023 වර්ෂයේ පාසල් නිලඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් ලැබී තිබේ.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත,මෙරට වැඩ වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා එම රිදී නිල වශයෙන් භාර දීම සිදුකෙරුණා .

සිසුන්ට සෘජුවම ලබාදිය හැකි වන පරිදි කපා අසුරා ලේබල් කර ඇති එම රෙදි තොගයෙන් 1/3ක ප්‍රමාණයක් මේ වනවිටත් මෙරටට ලැබී ඇති අතර ඉදිරියේ දී කෙටි කලක් තුළ ඉතිරි රෙදි පිළි තොගය ද ලැබීමට නියමිත ය.

2023 පාසල් අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් මාර්තු 20 වනවිට දිවයින පුරා රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ලක්ෂ 41ක් වූ දරුවන් සහ භික්ෂූන්වහන්සේ වෙනුවෙන් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී පැවසීය.

මෙරට රජයේ පාසල් දිවා ආහාර වැඩසටහන සඳහා දෙනු ලබන පරිත්‍යාගයක් වශයෙන් චීන රජයෙන් අවස්ථා කිහිපයක දී කොටස් වශයෙන් ලබාදුන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක ප්‍රමාණය මේ වනවිට මුළුමනින්ම සපයා අවසන් බවද මෙහිදී වැඩබලන චීන තානාපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට නිල වශයෙන් දැනුම්දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now