චීනයෙන් මෙරටට තවත් සුවිශේෂී පරිත්‍යාගයක්..!
Sri Lanka Economic Crisis
Sri Lanka
Government of China
Sri Lanka Food Crisis
China
By Sewvandhi
පාසල් දිවා ආහාර වැඩ පිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යෑමට චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක් පරිත්‍යාග කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
දරිද්‍රතාව හා පෝෂණ ඌනතා යන සාධක සැලකිල්ලට ගෙන පාසල් ආහාර වැඩසටහනට සිසුන් තෝරාගෙන ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම පාසල් බහුතරයක් ළමුන් සියයට අඩු පාසල් බවත් එක් ආහාර වේලක් වෙනුවෙන් මෙතෙක් වෙන්කර තිබූ රු 30ක මුදල මේ වනවිට රු 60ක් දක්වා වැඩි කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව පාසල් ආහාර වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශය පියවර ගන්නා බවත් ඉදිරියේ දී ලැබීමට නියමිත සහල් ප්‍රමාණ ද පාසල් වෙත ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |