මෙරටට පැමිණෙන චීන නැවෙ අර්බුධයට ලෝක බලවතාත් එක්වෙයි..! දැඩි අර්බුධකාරී තත්ත්වයක්

Sri Lanka United States of America India China Ship In Sri Lanka
By Sewvandhi Aug 12, 2022 11:12 AM GMT
Report

යුවාන් වෑන්ග් - 5, නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා අමෙරිකාව දැඩි බලපෑම් එල්ලකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. වොෂිංටන් පෝස්ට් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වනවිට යුවාන් වෑන්ග් - 5, නෞකාව ශ්‍රී ලංකා, චීනය සහ ඉන්දියාව අතර පමණක් නොව අමෙරිකාව ද ඈඳුණු රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් වී ඇති බවය. 

 චීන නෞකාවේ සංචාරය උපක්‍රමීය වශයෙන් විශාල වැදගත්කමකින් යුක්ත නොවූවත් එය හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබාදීමෙන් ශ්‍රී ලංකාව චීනයට විශේෂ සැලකීමක් සිදුකරන බව ඉන්දියාවේ සහ අමෙරිකාවේ අදහස යැයි වොෂිංටන් පෝස්ට් සඳහන් කර ඇත. එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉල්ලීමට අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් චීනය එවැනි සැලකුම් අපේක්ෂා කරන බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

හම්බන්තොට වරායට ඊයේ පැමිණීමට නියමිතව තිබූ චීන නෞකාව ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් නාවික සැතපුම් 600ක් පමණ දුරින් රැඳී සිටින බව මාධ්‍ය වාර්තාකර තිබුණි. විදෙස් මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කළේ, නෞකාවේ ගමන පමා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් සිදුකළද නෞකාව ශ්‍රී ලංකාව දෙසට පැමිණෙමින් තිබූ බවය. මේ අතර චීන පර්යේෂණ නෞකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ස්වාධීන පක්ෂ එකමුතුව සඳහන් කරන්නේ අදාළ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බවය.

එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝ කාලීන ද්විපාර්ශ්වීය සබඳතා ආරක්ෂා වන සේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් මතුව ඇති ගැටලුව විසඳා ගැනීමට යුහුසුළුව ක්‍රියා කරන ලෙස රජයට බලකර සිටින බවය. ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආර්ථික ආධාර ලබා දෙන්නේ චීනය හා ඉන්දියාව බවත් ඉන්දියාව සමග මෙන්ම, චීනය සමඟ අනවබෝධතා, රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ විරසක වීම්, අප රටට ඔරොත්තු නොදෙන බව ද සිය නිවේදනය මගින් ස්වාධීන පක්ෂ එකමුතුව සඳහන් කරනවා.

ස්වාධීන පක්ෂ එකමුතුව විසින් නිකුත් කළ මෙම නිවේදනය සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, ඇතුලු නියෝජිතයින් අටදෙනෙකු අස්සන් තබා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now