ප්‍රධාන රෝහලක් ඇතුළු රෝහල් රැසක ළමා වාට්ටු වැසෙයි.

Anuradhapura Sri Lanka Hospitals in Sri Lanka
By Wayomi Mar 31, 2023 11:57 AM GMT
Report

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් ඊයේ (30) සිට වසා දමා තිබෙනවා.

ඒ, එහි සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනාම රටහැර විදේශ පදිංචියට යෑම හේතුවෙන්.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථා ද අහිමි වී ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත කරුණාරත්න මහතා කියා සිටියේ.

මෙය බරපතළ තත්ත්වයක් බවත්, තවත් විශේෂ වෛද්‍යවරුන් පිරිසක් රටහැර යෑමේ සූදානමකින් පසුවන බවත් වෛද්‍ය රාජකරුණා මහතා පවසනවා.

තඹුත්තේගම මූලික රෝහලේ හැරුණු කොට අනුරාධපුරය දිස්ත්‍රිකකයේ කිසිදු රෝහලක ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බවයි සහකාර ලේකම්වරයා කියා සිටියේ.

එමෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ සේවය කිරීමට කිසිදු ස්ථිර වෛද්‍යවරයකු මේ වන විට නොමැති බවද සඳහන්.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW