අපේ සිංහයෙක්ට ලැබුණ සුපිරි අවස්ථාවක් ගැන පිටියෙන් දැන් ඇහුණ ආරංචියක් මෙන්න.. (PHOTOS)

Cricket Sri Lanka Cricket International Cricket Council Sports Latest Headlines
By krishani Feb 27, 2024 05:18 PM GMT
Report

ශ්‍රී ලංකා - බංග්ලාදේශ 20යි 20 තරගාවලියේ පළමු තරග දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා 20යි 20 උප නායක චරිත් අසලංකට පැවරීමට නියමිත බව සඳහන් වේ.

අපේ සිංහයෙක්ට ලැබුණ සුපිරි අවස්ථාවක් ගැන පිටියෙන් දැන් ඇහුණ ආරංචියක් මෙන්න.. (PHOTOS) | Charith Asalanka

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පනවා තිබීම හේතුවෙන් ය.

ශ්‍රී ලංකා 20යි 20 නිත්‍ය නායක වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පසුගියදා කටයුතු කළේ ඇෆ්ගනිස්තාන පිල සමග පැවති 3 වැනි සහ අවසන් 20යි 20 තරගයේ දී විනිසුරු ලින්ඩන් හැනිබල් ලබාදුන් තීන්දුවකට විරෝධය පළකිරීම නිසා ය. 

අපේ සිංහයෙක්ට ලැබුණ සුපිරි අවස්ථාවක් ගැන පිටියෙන් දැන් ඇහුණ ආරංචියක් මෙන්න.. (PHOTOS) | Charith Asalanka

ඒ අනුව මාර්තු 4 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත 20යි 20 තරගාවලියේ පළමු තරග දෙක වනිඳු හසරංගට අහිමි වේ.

එමෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට පැවරෙනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

පළමු තරග දෙක සඳහා වනිඳු වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

අපේ සිංහයෙක්ට ලැබුණ සුපිරි අවස්ථාවක් ගැන පිටියෙන් දැන් ඇහුණ ආරංචියක් මෙන්න.. (PHOTOS) | Charith Asalanka

කෙසේ වෙතත්, තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය මාර්තු මස 4 වැනිදා බංග්ලාදේශයේ දී ආරම්භ වීමට නියමිතයි.