මං හොයපු ආදරේ මට දැන් ලැබෙනවා.හැබැයි කසාද බැඳලා බැඳීමකට මම යන් නෑ (PHOTOS )

Gossip Today Actors
By Sithumi Mar 18, 2023 01:06 PM GMT
Report

   ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් විදියටත්හටත් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් පුංචි තිරයත් රිදී තිරයත් හරහා අපි හඳුනාගත්ත රංගන ශිල්පියෙක් තමයි චන්න පෙරේරා කියන්නේ

.එකක් 994 වර්ෂයේ දයා විමලවීරයන් විසින් අධ්‍යක්ෂණය කළ සුජාතා චිත්‍රපටය හරහා තමයි ඔහු කරළියට එන්නේ. ඊට පස්සේ ඉන්දියාවෙන් පූජා උමාශංකර ලංකාවට ගෙනල්ලා 2006 වර්ෂයේදී ඔහු අංජලිකා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා.එදා පටන් අද දක්වාම විවිධ තේමාවන් යටතේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් බවට පත්වෙන්න ඔහුට හැකියාව ලැබුණා.

ඒ දේවල් ඒ විදියට සිද්ධ වෙද්දී ක්ෂේත්රය තුළ ඔහු ප්‍රසිද්ධ වෙලා ඉන්න කාලයක එක්තරා ටෙලි නිර්මාණයක කිරීමක් සඳහා වටවල ප්‍රදේශයට යනවා.යන අතරතුරේ දේ තමයි ඔහුගේ කලින් ආදරණීය බිරිඳ ගයත්‍රී ඩයස් ඔහුට හමු උනේ. හම්බවෙලා ඉතාමත් කෙටි කාලයකින් විවාහ වෙන මේ දෙදෙනාටම පසුකාලීනව ආදරණීය දියණියන් දෙදෙනෙක්ගේ පියෙක් වෙන්න වාසනාව ලැබුනා.

හැබැයි ටික කාලයක් යද්දි දෙදෙනාම තුළ තුළ පවතින්නා වූ විවිධාකාරයේ මතිමතාන්තර සහ පරස්පර විරෝධී අදහස් නිසා එකට ජීවත්වෙන්න බැහැ කියන තැනට දෙන්නම එනවා.එනිසාම බොහොම සුහදව කතාබහ කරලා චන්න මේ විවාහයෙන් වෙන් වෙන්න තීරණය කරනවා. හැබැයි අදටත් දරුවන්ගේ ඕනෑම විශේෂ අවස්ථාවන් වලදී මේ දෙදෙනාම එකට එකතු වෙලා ඒ වෙනුවෙන් සහභාගි වෙන්න අමතක කරන්නෙත් නැහැ.

තාමත් තනිකඩ චන්න හැමදාමත් මේ විදිහට ඉන්නවද කියලා අහපුවාම  සුබදායී කතාවක් කිව්වේ මේ  විදියටයි. “මං කලින් කිව්වා වගේ මං ආදරයට ආදරය කරන කෙනෙක් මට ආදරේ නැතුව ජීවත් වෙන්න බැහැ.මං දැනට විශ්වාස කරනවා මං හොයන ආදරේ මට ලැබෙමින් පවතිනවා කියලා.හැබැයි ඒක සදාකාලිකව නීතිගත කරලා බැඳීමකට යන්න මගේ අදහසක් නැහැ.හේතුව මම දන්නවා එහෙම බැඳීමක් තුළ ඒ ආදරේ දියාරු වෙලා යන්නත් පුළුවන්.ඒක අත්දැකීමෙන් මම දන්නවා.”

ඒ විදිහට අදහස් දක්වන ඔහුර ඉදිරියේදිත් අධ්‍යක්ෂණ කාර්ය තුළින් අලුත්ම වෙනස්ම නිර්මාණයන් සහ ජීවිතයේ අලුත්ම ආදරවන්තියක් සමඟ  සතුටෙන් ජීවත් වෙන්නට  අවස්ථාව උදා වේවා කියා අපි සුබ පැතුම් එක් කරන්නෙමු.  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery