රනිල් අගමැතිකම ගත්තේ මගෙන් අහලා.. රනිල් ජනාධිපති වීමේ රහස මමයි…

Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Jul 21, 2022 04:54 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට කලින් ඒ ගැන තමන් ගෙන් විමසූ බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වීමේ රහසද තමන් බව හෙතෙම පැවසීය.

තමනට තනතුරු කිසිවක් අවශ්‍ය නැති බවත් රට වෙනුවෙන් ආණ්ඩුවට සහාය දෙන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මේ අතර,නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට උදෑසන කොල්ලුපිටිය මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම හෙට උදෑසන 09ට ආරම්භ වීමට නියමිතව ඇති බවය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ සිට ජනාධිපති ධුරයට පත්වීමත් සමග ව්‍යවස්ථානුකූලව එතෙක් පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩලය අක්‍රිය වන අතර ඒ අනුව නව කැබිනට් මණ්ඩලයක් හෙට දින පත්කිරීමට නියමිතය.

රජයේ කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත මෙලෙස කඩිනමින් කැබිනට් අමාත්‍යවරුන් කණ්ඩායමක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now