"..මුදලට විකුණුනා කියල ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා.." මෛත්‍රීට චාමරගෙන් අභියෝගයක්..!

C. P. Radhakrishnan
By Sewvandhi Jul 17, 2022 12:53 PM GMT
Report

පාර්ලි මේන්තු මන්ත්‍රීවරු මුදලට විකිණී ඇතැයි යන චෝදනාව ඔප්පු කර පෙන්වන්නේ නම් තමා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ජනතා ඡන්දයෙන් පත්වූවෙක් ලෙස ජනාධිපතිවරයා තේරීමේ දී සිය ඡන්දය භාවිත කරන බවය. ජනාධිපතිවරයා තේරීමේ දී කිසිදු අපේක්ෂකයෙකු සඳහා සිය ඡන්දය භාවිත නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, මේ වනවිට මන්ත්‍රීවරුන්ට මිලියන ගණනින් මුදල් ලබාදෙන තත්ත්වයක් උදා වී ඇති බවය.

ප්‍රශ්නය - බයට ද ඡන්දේ දෙන්නේ නැත්තේ ?

"එහෙම නෑ. අනිත් පක්ෂවල අයත් ඡන්දේ දෙනවා නම් ඇයි අපේ පක්ෂයේ විතරක්. අපේ පක්ෂයේ බණ්ඩක්කා න්‍යාය වැඩක් නෑ. ඒකෙන් ලිස්සලා යන්න බෑ. මේ රටේ ජනතාව අපිට ඡන්දේ දිලා තියෙන්නේ එහෙම ලිස්සලා යන්න නෙමෙයි. සමහර බණ්ඩක්කා න්‍යාය තියෙන අය ඇති. අපිට බණ්ඩක්කා න්‍යාය නෑ. අපි ඡන්දය භාවිත කරනවා ප්‍රජාතන්ත්‍රවාදී විදියට. අපේ ජනතාව ඡන්දේ දීලා එවලා තියෙන්නේ බදුල්ලේ ජනතාව මට. මම පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයෙක් තෝරගන්න ඡන්දේ දෙනවා."

ප්‍රශ්නය - මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කරන්නේ මුදලට විකිණෙනවා කියලා. ඔබතුමා මුදලට විකිණිලා ද තියෙන්නේ ? 

 "මං හිතන්නේ එතුමා මේ රටේ හොඳ නායකයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ සභාපතිතුමා. මම ඉල්ලා අස්වෙනවා මේ 225න් ඒ තුමා ඇරෙන්න කවුරුහරි කෙනෙක් මුදලට විකිණෙනවා කියලා ඔප්පු කළොත් මං පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙනවා. හැබැයි මම එතුමාට කියනවා. එතුමා එහෙම කිව්වා නම් එතුමාටත් ඉල්ලා අස්වෙන්න වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත්, මන්ත්‍රී ධුරයෙනුත්. මොකද දෙයක් කියනවා නම් හරියට ඔප්පු කරලා පෙන්නලා කියන්න ඕනේ. ඒ වගේම මුදලට විකිණෙන්න කවුද මුදලට ගන්නේ ? මොන අපේක්ෂකයා ද ගන්නවා කියන්නේ ? රනිල් වික්‍රමසිංහ මහත්තයා ගන්නවා කියල ද කියන්නේ? එතුමාට ගන්නවා තියා එතුමාගේ ගේ පුච්චලා එතුමාට අපි දෙන්න වෙයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now