ඉන්ධන මිල ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්..!

petroleum UdayaGammanpila Ceypetco Ioc
By Sewvandhi Feb 26, 2022 05:17 AM GMT
Report

ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනට තීරණයක් ගෙන නො මැති බව, බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

මේ අතර, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) සිය ඉන්ධන් මිල ගණන් ඉහළ නැංවුවේ ඊයේ (25) රාත්‍රියේ යි.

ඒ අනුව එම සමාගමේ සියලුම වර්ගවල ඩීසල් මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 15කින්.

එමෙන්ම පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 20කින් ඉහළ නැංවීමටයි IOC සමාගම පියවර ගෙන ඇත්තේ.

නව මිල ගණන් ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක යි.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204ක්.

IOC සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල ​​රුපියල් 139ක් වනු ඇති.

ලංකා IOC සමාගම පසුගිය 06 වනදා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now