මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට දින නියම වෙයි..
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ,ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 11 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බවයි.
එනම් පසුගියදා (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබෙනවා.
එනම් පාර්ලිමේන්තුව මැයි 9 සිට 12 වනදා දක්වා රැස්වීමට නියමිත අතර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා මැයි 9 වනදා පමණක් පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වෙන්කර තිබේ.
මැයි 9 වන අඟහරුවාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා, අපනයන සංවර්ධන පනත යටතේ සෙස් බද්දට අදාළ නියෝග, වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ නියමයන් 8ක්,
ආනයන හා අපනයන (පාලන) පනතේ රෙගුලාසි තුනක් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත යටතේ නියෝග විවාද කිරීමෙන් අනතුරුව අනුමතිය ලබාගැනීමට නියමිතව ඇත.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත් වෙයි. මැයි 10 බදාදා පෙ.ව 9.30 සිට ප.ව 6.00 දක්වා ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වූ බවද මහලේකම්වරයා සඳහන් කළා.
මැයි 12 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 6.00 දක්වා සුභසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2328/13 දරන ගැසට් පත්‍රයේ පළකොට ඇති ‘අස්වැසුම’ නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය විවාදයට ගැනීමට ද නියමිත බවද ධම්මික දසනායක මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |