ණය සහනයක් දෙන්න මහ බැංකුවෙන් නව ක්‍රමවේදයක්

By Sithumi Mar 03, 2023 12:24 PM GMT
Report

වැඩි පොලී අනුපාත සහ බදු හේතුවෙන් පීඩාවට පත්වී සිටින ණය ලබාගත් පුද්ගලයින්ට සහනයක් දීමට චක්‍රලේක දෙකක් නිකුත් කර ඇති බව මහ බැංකුව පවසනවා

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව පැවසුවා.

"වැඩි පොලී අනුපාත නිසා සහ බදු නිසා ණය ලබාගත් අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තියෙනවා කියලා අපිට පැමිණිලි ලැබෙනවා. ඒවට අපි දැනටමත් අලුත් චක්‍රලේක දෙකක් නිකුත් කරලා තියෙනවා. ඒ ගැන සලකාබලා බැංකුවල ණය ගෙවීමේ හැකියාව ඇති අයට යම් ආකාරයක ණය සහනයක් දෙන්න.. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඒ අයට සහනයක් දෙන්න