බදාදා පාර්ලිමේන්තුවට ලැබෙන විශේෂ වාර්තාව..

Central Bank of Sri Lanka Parliament of Sri Lanka Government Employee Government Of Sri Lanka
By Sewvandhi Mar 16, 2024 01:09 PM GMT
Report

ලබන බදාදා පාර්ලිමේන්තුවට,  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් 70%කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව පාර්ලිමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි, එම කාරක සභාවේ ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ.

මහ බැංකුවේ ප්‍රධානීන් එම කමිටුවට කැඳවා පසුගිය 5 වනදා ප්‍රශ්න කරනු ලැබුවා.

පසුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමේ ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව මහ බැංකුවේ පහළම සේවකයාගේ වැටුප් සඳහන් කර තිබුණේ රුපියල් 188,827ක් ලෙසයි.