බැංකු තැම්පතු සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka
By Aruna May 10, 2023 11:35 PM GMT
Report

දේශීය ණය ප්‍රශස්ථකරණයක දී බැංකු පද්ධතියේ මෙන් ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

2022 මහ බැංකු වාර්ෂික වාර්තාව පිළිබඳව පසුගියදා පැවැති සම්මන්ත්‍රණයකදී හෙතෙම මේ බව සඳහන් කර සිටියා.

ඔහු සඳහන් කර සිටියේ, ඕනෑම ආකාරයක ණය ප්‍රශස්තකරණයක දී බැංකු පද්ධතියේ ස්ථායිතාව මෙන් ම පොදු තැන්පතු ආරක්ෂා කිරීම සහතික කර ආරක්ෂා කර ගන්නා බවයි.

මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් වන්නේ මූල්‍ය අංශයේ ස්ථායීතාව පවත්වා ගැනීම බව ද ඔහු සඳහන් කර සිටියා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, 2027-2032 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික මූල්‍යකරණ සීමාව සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව අවම වශයෙන් දේශීය ණයවල කල්පිරීම දීර්ඝ කළ යුතු අතර, එය දැනට පවතින සියයට 30 සිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 දක්වා පහත දැමිය යුතු බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now