ශ්‍රී ලංකාවේ ප්‍රධාන අංශයක් ගැන මහ බැංකුවෙන් අලුත්ම නිවේදනයක්..
Sri Lanka
By Aruna
කොවිඩ් වසංගත සමයේ ද කඩා නොවැටුණු ඇඟලුම් අපනයන ආදායම මේ වනවිට (02) අඩුවෙමින් පවතින බව මහ බැංකුවේ අලුත්ම නිවේදනයක් මගින් අනාවරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණ කර ඇත්තේ මාර්තු 31 වෙනි දින නිකුත් කරන ලද පසුගිය පෙබරවාරි මාසට අදාළ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය දැක්වෙන නිවේදනය මගින්.
2022 පෙබරවාරි මාසයේ ඇඟළුම් අපනයන ආදායම ඩොලර් මිලියන 496.4ක් වී තිබූ අතර මෙම වසරේ පෙබරවාරි මාසයේදී එය ඩොලර් මිලියන 431.3 දක්වා පහත වැටී තිබෙනවා.
එසේම පසුගිය 2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේදී ඇඟලුම් අපනයනයෙන් ඩොලර් මිලියන 1012.5ක් උපයාගෙන ඇති අතර මෙම වසරේ මුල් මාස දෙකේදී එය ඩොලර් මිලියන 855.7 දක්වා සියයට 15.5කින් අඩු වී ඇති බවයි මහ බැංකු වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |