විදෙස් රැකියා සඳහා යන මව්වරුන්ට නිවේදනයක්.

Manusha Nanayakkara Sri Lanka
By krishani Apr 26, 2023 07:39 AM GMT
Report

වයස අවුරුදු දෙක නොඉක්ම වූ දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශගතවීමට අවසරය හිමි නොවන නව චක්‍රලේඛය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.

ඒ විදේශගතවන කාන්තාවන්ගේ දරුවන්ගේ රැකවරණය සුරක්ෂිත කිරීම සඳහා ය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව පසුගිය වසරේ චක්‍රලේඛයක් නිකුත් කෙරිණ.

එය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් පසුගිය මාර්තු මස 31 වනදා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍යාංශය කටයුතු කළේ ය.

කෙසේවෙතත්, ඒ අනුව වයස අවුරුදු 45 නොඉක්ම වූ රැකියා සඳහා විදේශ ගතවන සියලු කාන්තාවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබීමට අදාළ වාර්තාව සම්පූර්ණ කළ යුතු වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join