තවත් විශේෂ එන්නතකට අනුමැතිය...

By Sithumi Aug 15, 2022 02:18 PM GMT
Report

සුවිශේෂී කොවිඩ් එන්නතක් සඳහා අනුමැතිය ලබාදීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබේ. එම කොවිඩ් එන්නතට කොරෝනා වෛරසයේ මූලික ප්‍රභේදය පමණක් නොව ඔමික්‍රෝන් ප්‍රභේදය පවා පාලනය කිරීමට හැකියාව පවතියි. මෙවැනි කොවිඩ් -19 එන්නතක් සඳහා අනුමැතිය ලබාදුන් පළමු රට බවට ඒ අනුව බ්‍රිතාන්‍ය පත්වී තිබේ.

බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ආයතනය පැවසුවේ මොඩර්නා සමාගම මගින් නිපදවා ඇති එය බූස්ටර් එන්නතක් ලෙස වැඩිහිටියන් සඳහා අනුමැතිය දුන් බවය. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ සායනික පර්යේෂණ වල ප්‍රතිඵල මත පදනම්වය.