සිරුරේ ඔක්සිජන් අඩු වුණොත් මොකද වෙන්නේ?

Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Aug 07, 2022 06:05 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඔක්සිජන් නෑ කියන්නේ අපිට ජීවත් වෙන්නත් බෑ. කලින් ලිපියකින් අපි කතා කළා මතක ඇති අපිට නැතුව බැරි ඔක්සිජන් වැඩි වුණාම අපට මොකද වෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔක්සිජන් අඩු වුණාමත් අපි ලෙඩ වෙනවා, අඩපණ වෙනවා. ඉතින් හොයන්න යන්නේ සිරුරේ ඔක්සිජන් අඩු වෙන්න බලපාන හේතු 3ක් ගැනයි.

ආම්ලිකතාවය වැඩිවීම

❣️ ආම්ලිකතාවය වැඩිවන විට රුධීරයේ පැවතිය යූතුවන භාෂ්මිකතාව නැතිවීයනවා. ටිකක් හෝ භාෂ්මිකතාව අඩුවුවහොත් ශරීරය නිසි ලෙස ක්‍රියා කරන්නේ නැහැ.

❣️ කෙණ්ඩා පෙරලෙනවා, තෙහෙට්ටුව දැනෙවනවා. ‌ නිදිමතයි. මේ වාගේ බොහෝම රෝග ලක්ෂණ පහල වෙනවා.

❣️ මේ වෙලාවට භාෂ්මික ආහාර ගැනීම අවශ්‍යයි. විශේෂයෙන් කැල්සියම් සහ මැග්නීසියම් බහුල ආහාර. චීස්, වට්ටක්කා ඇට, කේල් (කාපිරි ගෝවා) වැනි ආහාර.

❣️ නැතිනම් ස්වභාවික සප්ලිමන්ට් එකක් ගන්න වෙනවා. හැබැයි වෛද්‍ය නිර්දේශයකින් තොරව මෙම සප්ලිමන්ට් ගන්න එපා.

❣️ සිරුරේ ආම්ලිකතාව වැඩි වූ විට සිදුවන තවත් එක් අභාග්‍ය සම්පන්න කාරණයක් තමයි ප්‍රතිශක්තිය දුර්වල වීම. මෙම තත්වය වෛරස් බැක්ටීරියා ආසාදන වල සිට පිළිකා ඇතිවීම සිදු වෙන්න පුළුවන්.


විටමින් C ඌණතාව.

❣️ විටමින් C ඌණතාවය නිසාත් ඔක්ෂීජන් අඩුවෙනවා.

❣️ විටමින් C නැති වුනාම යකඩ අවශෝෂනය වෙන්නේ නැහැ. මේ නිසා ක්‍රම ක්‍රමයෙන් යකඩ ඌණතාවයක් ඇති වෙනවා. හිමෝග්ලොබින් අඩුවෙනවා.

❣️ මේ නිසා රුධීරයේ ඔක්සිජන් අඩුවීමක් සිදුවෙනවා.

❣️ කෑම සමඟ විටමින් C සහිත ආහාරයක් ගැනීම ඉතාමත් සුදුසුයි.

❣️ විටමින් C ගබඩා කර තබන්නේ ඇඩ්රිනල් ග්‍රන්ථි වලයි. ඇඩ්රිනල් ග්‍රන්ථි දුර්වල වීම නිසාද විටමින් C ඌණතාවය එනවා. ඒ සදහා වෙනම ප්‍රතිකාර කල යුතුයි.

❣️ විටමින් C දෙහි, ලෙමන්, බෙල්පෙපර් වගේ ආහාර සහ පලතුරු වර්ග වල ඇති අතර මේවා දෛනිකව ආහාරයට ගත යුතුයි.


විටමින් E

❣️ විටමින් E ඔක්සිජන් අවශෝෂනය කරන්නට ඉතාමත් වැදගත් වෙනවා.

❣️ විටමින් E වැඩිවශයෙන් කදු නගින අය භාවිතා කරන්නේ ඒ නිසයි.

❣️ මුහුදු මට්ටමෙන් ඉහලට යන විට ඔක්ෂිජන් ප්‍රමාණය අඩුවෙනවා. මේ නිසා වැඩිපුර ඔක්ෂිජන් පෙණහලු වලින් අවශෝෂනය කල යුතු වෙනවා. මේ නිසා තමයි කදු නගින අය විටමින් E වැඩි වශයෙන් ගන්නේ. ❣️ විටමින් E ඇට වර්ග, එළවලු, අලිගැටපේර වල තියෙනවා. මේවා දිනපතා ආහාරයට ගැනීමෙන් විටමින් E ඌණතාවයෙන් මිදෙන්නට පුළුවන්.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW