කොළඹ මහේස්ත්‍රාත් උසාවියෙන් අතුරුදන් වූ නඩු ෆයිල්.

Sri Lanka Sri Lanka Magistrate Court
By Wayomi May 10, 2023 06:44 AM GMT
Report

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 5 හි ලිපිගොනු කිහිපයක් අස්ථානගත වී ඇති බවට ආරංචි මාර්ග පවසනවා.

එම ලිපිගොනු පසුගිය සඳුදා දිනයේ අතුරුදන්ව ඇති අතර එලෙස අතුරුදන්ව ඇත්තේ,සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදලේ (EPF, ETF) නඩු සම්බන්ධ ලිපිගොනු බවයි වාර්තා වන්නේ.

අදාල අතුරුදන් වීම සම්බන්ධයෙන් අධිකරණය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි මීට අදාළ නිලධාරීන් පස් දෙනෙකුට ස්ථාන මාරු ද ලබාදී ඇති බවත් ආරංචිමාර්ග පවසනවා.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද නිර්නාමික පැමිණිල්ලක් ලැබී ඇති බවත් සඳහන්. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW