මෝටර් රථ භාවිතා කරන අයට විශේෂ පණිවුඩයක්..

Sri Lanka Police Sri Lanka
By Aruna Feb 17, 2023 07:20 AM GMT
Report

සිය මෝටර් රථ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලීසිය රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

ඒ රට තුළ විවිධ ප්‍රදේශවලින් මෝටර් රථ සොරකම් කිරීම් වාර්තා වීම හේතුවෙනි.

ඊට ආසන්නම සිදුවීම වාර්තා වූයේ වැලිවේරිය ප්‍රදේශයෙනි. එහිදී පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ, රුපියල් ලක්ෂ 32ක් පමණ වටිනා මෝටර් රථයක් සොරකම් කිරීම සම්බන්ධවයි.

අනතුරුව පොලිස් නිලධාරීන් ජංගම දුරකථන දත්ත භාවිතයෙන් පරීක්ෂණ සිදුකර පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරු එම වාහනය රුපියල් ලක්ෂ 14කට මිලදී ගෙන ඇති අතර ඔහු ආඬිඅම්බලම ප්‍රදේශයේ 47 හැවිරිදි පුද්ගලයෙකි.

වාහනය සොරකම් කළ පුද්ගලයා එම ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now