පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් මෙරට නිපද වූ ගංජා චොක්ලට් වෙළඳපොළට ?

Sri Lanka
By Wayomi Feb 14, 2023 07:35 AM GMT
Report

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් ගංජා මිශ්‍ර කර නිපදවූ චොක්ලට් වෙළඳපොළට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී නොමැති බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියා සිටියේ.

මෙම කංසා මිශ්‍ර චොක්ලට් වර්ගය නිෂ්පාදනය කොට ඇත්තේ පොතුහැර ප්‍රදේශයකින් වන අතර පෙම්වතුන් වෙනුවෙන් නිපදවා තිබෙනවා.

මෙම චොක්ලට් වර්ගයට කංසා, අෂ්වගන්,වැල්මී සහ ලුණුවිල ඇතුළු තවත් සංඝටක කිහිපයක් අඩංගු බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  

JOIN NOW