ගංජා සම්බන්ධව ලංකාවේ පවතින නීතිය.
ගංජා ගහන අය ඕන තරම් ඉන්න රටේ ගංජා ළඟ තියා ගැනීම හෝ වැවීම සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීතිමය පසුබිම ගැන කතා කරමුද?
☘️🍁 ගංජා හෙවත් Cannabis Sativa L ලෙස හඳුන්වන්නේ කංසා (Hemp Plant) යොදා ගෙන නිපදවන මත්ද්‍රව්‍යක්.
☘️🍁 ගංජා ලංකාවේ නීතිය අනූව තහනම් මත්ද්‍රව්‍යක් වන අතර ආයුර්වේද වෛද්‍යවරුනට පමණක් තම වෛද්‍ය කටයුතු සඳහා අවසර ලබා දී ඇති අතර එකතරා ප්‍රමාණයකට ගංජා සන්තකයේ තබාගැනීමට ඔවුන්ට පුළුවන්.
☘️🍁 ගංජා සම්බන්ධව ප්‍රතිපාදන දක්වා ඇති ප්‍රධාන පනත ලෙස 1929 අංක 17 දරණ විෂ වර්ග අබිං හා අන්තරාදායක ඖෂධ පනත දැක්විය හැකියි.
☘️🍁 පනතේ 27 වගන්තියේ දැක්වෙන පරිදි කිසිම තැනැත්තෙකු අමාත්‍යවරයාගේ බලපත්‍රයක් නොමැතිව කිසිම පොපි පැළෑටියක් ,කොකා පැළෑටියක් හෝ කංසා පැළෑටියක් ,වැපිරීම,සිටුවීම,වගා කිරීම,ලබා ගැනීම හෝ තමා සන්තකයේ තබා ගැනීම හෝ එවැනි පැළෑටියක ඇට,කරල්,කොල,මල් හෝ යම්කිසි කොටසක් හෝ සන්තකයේ තබාගැනීම නොකළ යුතුය.
☘️🍁 එමෙන්ම 28 වන වගන්තියට අනුව කිසිම පොපි පැළෑටියක් ,කෝකා පැළෑටියක් හෝ කංසා පැළෑටියක් හෝ එවැනි යම් පැළෑටියක ඇට,කරල්,කොළ,මල් හෝ යම් කොටසක් හෝ ඒවායේ යම් සැකසුමක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හෝ ශ්‍රී ලංකාවට ගෙන ඒම හෝ ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම නොකළ යුතුයි.
☘️🍁 මේ අනූව කංසා හෝ එහි කොටසක් ආනයනය කිරීම හෝ අපනයනය කිරීම තහනම්. - 1984 අංක 13 දරණ සංශෝධන පනතින් සංශෝධිත 29 වගන්තිය අනුව මෙහි මින් මතු 4 සහ 5 වන පරිච්ඡේදවල විධිවිධාන සලසා ඇති පරිදි හැර කිසිම තැනැත්තෙකු පහත සදහන් යම් දෙයක් එකතු කිරීම,පිළියෙළ කිරීම,සකස් කිරීම,විකිණීම හෝ විකිණීම සදහා ඉදිරිපත් කිරීම,නිෂ්පාදනය කිරීම,ගබඩා කිරීම,ලබා ගැනීම හෝ තමා සන්තකයේ තබා ගැනීම පරිභෝග කිරීම හෝ ප්‍රයෝජනට ගැනීම නොකළ යුතු වෙනවා.
☘️🍁 (අ) කංසා පැළෑටියෙන් ලබා ගත් යම් මැළියම් හෝ සාමාන්‍යයෙන් භාං හෂීස් හෝ ගංජා යනුවෙන් හඳුන්වනු ලබන එම කංසා පැළෑටියේ සැසුම් හෝ සාරයන් හෝ කොටසක් ඒ මැළියම්වලින් සංයුක්ත වන වෙනත් සැකසුමක්; (මේ අනූව කංසා පැලයෙන් සකසන ඕනෑම නිෂ්පාදනයක් සන්තකයේ තබාගැනීම වරදක් )
☘️🍁 පනතේ 54 වගන්තියට අවධානය යොමු කළොත්, කිසිම තැනැත්තෙකු විසින් අවසරය දුන් පරිදි හැර හෝ එසේ නොමැති නම් මෙම ආඥාපනතේ විධිවිධානවලට අනුකූල නොවන ආකාරයෙන් සහ අධ්යක්ෂවරයා විසින් ඒ වෙනුවෙන් නිකුත් කළ බලපත්‍රයකින් හැර ශ්‍රී ලංකාවේ දී හෝ වෙනත් ස්ථානයක දී කිසියම් අන්තරාදායක ඖෂයක් සකස් කිරීම,විකිණීම ,සැපයීම හෝ ලබා ගැනීම හෝ කිසියම් පුද්ගලයෙකුට විකිණීම හෝ සැපයීමට අර්පණය කිරීම හෝ එවැනි ඖෂධයන් විකිණීම සඳහා දැන්වීම් පළ කිරීම නොකළ යුතු වෙනවා.
☘️🍁 එමෙන්ම ගංජා විකිණීම සම්බන්ධව මේ වගන්තිය යටතේ නඩු පැවරීමේ හැකියාව පවතිනවා.
☘️🍁 මෙම පනතේ ඉතාම වැදගත් වගන්තියක් ලෙස 54 අ. වගන්තිය පෙන්වා දිය හැකියි.මෙම පනතේ තුන්වන උපලේඛනයේ දෙවන කොටසේ දෙවන තීරයේ දක්වා තිබෙන යම් අන්තරාදායක ඖෂධයක් 54අ.(ආ) මගින් ජාවරම් කිරීම ද 54අ.(ඇ) මගින් ආනයනය සහ අපනයනය ද 54 අ.(ඈ) මගින් සන්තකය ද වරදක් ලෙස දක්වා ඇත.
☘️🍁 එම උපලේඛනයේ දක්වා ඇති අන්තරාදායක ඖෂධ නම් හෙරොයින්,මෝර්ෆීන්,කොකේන්,අබිං සහ ගංජා.
☘️🍁 මේ අනූව ගංජා ජාවාරම,ආනයනය සහ අපනයනය,සන්තකයේ තබාගැනීම මෙම වගන්තිය අනූව වැරදියි.
☘️🍁 පනතේ 78(5) වගන්තියට අනුව 78(5) 54 අ වගන්තිය යටතේ වූ වරදකට වරදකරු වූ තැනැත්තෙකු හැර,මේ ආඥා පනතට විරුද්ධ වූ වරදකට වරදකරු වූ සෑම තැනැත්තෙකුම එක් එක් වරද සඳහා :-
(අ) මහේස්ත්‍රාත්වරයා විසින් ලඝු ක්‍රමයට වරදකරු කරනු ලැබූ විට ,රුපියල් එක් දහසකට නොඅඩු සහ රුපියල් දසදහසකට නොවැඩි දඩයකට හෝ පස් අවුරුද්දකට නොවැඩි කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකටම හෝ යටත් විය යුතුය .
(ආ) මහාධිකරණය ඉදිරියේ වරදකරු කරනු ලැබූ විට රුපියල් දසදහසකට නොඅඩු සහ රුපියල් විසිපන් දහසකට නොවැඩි දඩයකට හෝ හය මාසයකට නොඅඩු අවුරුදු හතකට නොවැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකටම යටත් විය යුතුය.
☘️🍁 ඉහත වගන්තිය යටතේ පනතේ 27,28,29 සහ 54 යන වගන්තිවල දක්වා ඇති වැරදිවලට අදාලව දඬුවම් ලබා දිය හැකිය.
☘️🍁 ගංජා ප්‍රමාණය අනූව නියම කරනු ලබන දඬුවම වෙනස් . - ගංජා කිලෝ 5කට නොවැඩි ප්‍රමාණයකට රුපියල් 25000කට නොවැඩි දඩයක් හෝ
🍁 එක් අවුරුද්දකට නොවැඩි කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීම ද
🍁 ගංජා කිලෝ 5 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට රුපියල් 25000කට නොඅඩු සහ රුපියල් 50000කට නොවැඩි දඩයක් හෝ
🍁 අවුරුදු දෙකකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩි කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීම ද දඬුවම් ලෙස ලබා දිය හැකියි.
☘️🍁 ඉහත වැරදි දෙක සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු විභාග කළ යුතුයි.
☘️🍁 මේ අනුව නීතිපතිවරයගේ උපදෙස් මත ගංජා කිලෝවකට වැඩි ප්‍රමාණයක් ඇති අවස්ථාවල මහාධිකරණයේ ද නඩු පවරනු ලබනවා.
- නීතීඥ සාරංග වාදසිංහ -
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |