ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන් එන අපේක්ෂකයා..

Mahinda Rajapaksa Sri Lanka Podujana Peramuna Election Local government Election
By Sewvandhi Mar 16, 2024 10:34 AM GMT
Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියත වශයෙන් ජයගන්නා බවයි, එහිදී ඔහු සඳහන් කළේ.

‍නමුත් තවමත් එම අපේක්ෂක‍යා කවුරුන්ද යන්න නම් කර ‍නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.