පියයුරු පිළිකාව ගෙදරදීම හඳුනාගන්නේ මෙහෙමයි. පියයුරු පිළිකාවකදී හඳුනාගත හැකි රෝග ලක්ෂණ (PHOTOS)

Cancer
By Sithumini Oct 14, 2024 12:58 PM GMT
Report


පිළිකාව කියලා කියන්නේ මේ වන විට දිනෙන් දින ඉහළ යන කාරණයක්. 

පිළිකාව හේතුවෙන් පීඩාවට පත්වන පිරිස් බොහෝමයි. මේ නිසාම අද අපි ඔබට කියන්නේ පිළිකාව හදුනාගන්නේ කොහොමද කියලා

කාන්තා පියයුරු පිළිකා ලක්ෂණ හදුනා ගන්නා ආකාරය

කිහිපයක් පියයුරු ආශ්‍රිත සම ඝන වීම. 

සම මතුපිට වළ ගැසීම. 

තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම.

තන පුඩුවෙන් දියරයක් ගැලීම.

අසීරුවක් හෝ වේදනාවක් දැනීම.

තන පුඩුව ඇතුළට ගිලී යාම.

නහර මතු වීම

 ඉදිමීම.

සැරව සහිත තුවාල ඇතිවීම.

සම දොඩම් r ස්වරූපය ගැනීම,

පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම.

තද තිබීම.

පිරීමි පාර්ශවයේ පියයුරු පිළිකා වල රෝග ලක්ෂණ

තන පුඩුව යට හෝ අන්තරාලයෙ ඇති වන වේදනා

රහිත ගැටිති.

පියයුරු වල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම.

යටිකුරු වූ තන පුඩු.

තන පුඩුවේ කුෂ්ඨ ඇති වීම.

තන පුඩුවෙන් රුධිරය වහනය වීම.

කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම.

තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම.

පියවි ඇසින් නිරීක්ෂණය කිරීම උඩුකය සම්පූර්ණයෙන්ම නිරාවරණය කර.

කණ්ණාඩියක් ඉදිරිපිටදී මෙය සිදු කළ යුතුය.

එය අත් දෙක දෙපසට දමා කෙළින් සිටගෙන.

දෑත් ඉහළට ඔසවා සහ දෑත් ඉන දෙපසින් තබා සැහැල්ලු වෙන් සිටගෙන නිරීක්ෂණය කළ යුතුය.

එවිට ඔබට,

1 මෑතකදී ඇති වූ පියයුරුවල හැඩයේ, ප්‍රමාණයේ හෝ පෙනුමේ වෙනසක්

2. ගෙඩියක්, ගැටිත්තක් හෝ ඉදිමුණු ස්වභාවයක්. 3. වල ගැසීමක්

4. සම මතුපිට ඇතිවන වෙනසක් (රතුවීමක්, දදයක් වැනි ස්වභාවයක්)

5. තන පුඩුවේ වෙනස්කමක්.

තන පුඩු ආශ්‍රිතව පහසුවෙන් සුව නොවන රතු පැහැති හා තෙත සහිත දදයක්, වණ වීමක් හෝ තුවාලයක්, තන පුඩුව පිහිටි ස්ථානයේ වෙනස් වීමක් (ඇතුළට ගිලීයාමක්/දිශාවේ වෙනසක්), තන පුඩුවෙන් අසාමාන්‍ය ශ්‍රාවයක් මෙම පරීක්ෂාවේදී පියයුරක හෝ කිහිල්ල ආශ්‍රිතව කුමන ආකාරයේ හෝ ගැටිත්තක්, සමේ ඝන වීමක් හෝ ඉදිමුමක් තිබේදැයි බලන්න.

මෙය අනෙක් පියයුරෙහි එම ප්‍රදේශය හා සංසන්දනය කිරීමේදී වෙනස් තත්ත්වයක් නම් හෝ අළුතින් ඇතිවූ තත්ත්වයක් නම් වඩාත් සැළකිලිමත් විය යුතු ය.

මීට අමතරව, එක පියයුරක අළුතින් ඇතිවූ හෝ දිගටම පවතින අපහසුතාවයක්/වේදනාවක් ඇත්නම් ඒ පිළිබඳව සැළකිලිමත් විය යුතුයි.

Gallery