වැටුප් වැඩි කර ගැනීමට අගෝස්තු 9 වනදාට පෙර මේ දේ කරන්න..අයදුම්පත් සදහා මෙතැනින් පිවිසෙන්න..

Government Employee Government Of Sri Lanka Latest Headlines
By Sewvandhi Jul 23, 2024 09:03 AM GMT
Report

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා මෙහිදී භාරගැනීමට නියමිත බවය.

ඊට අදාළ අයදුම්පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන  https://www.presidentsoffice.gov.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් භාගත කරගත හැකි වේ.

කෙසේවෙතත් සියලු යෝජනාවල PDF ආකෘතියේ මෘදු පිටපතක් පමණක්  saec@presidentsoffice.lk යන විද්‍යුත් තැපෑලයට යොමුකළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

අදාළ යෝජනා අගෝස්තු මස 9 වන දිනට හෝ එදිනට පෙර යොමුකළ යුතු බව ද මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%