සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 8ක් මරුට

By Sithumi Mar 13, 2023 11:42 AM GMT
Report

කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබෙනවා

. නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් බවට සැක කෙරෙන බෝට්ටු දෙකක් පෙරලීයාමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී දියේ ගිලීමෙන් තවත් පුද්ගලයින් පිරිසක් අතුරුදන්ව තිබෙනවා. අදාළ යාත්‍රාවල සිටි පුද්ගලයින්ගේ ජාතිකත්වය මෙතෙක් හදුනාගෙන නොමැති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

අතුරුදන් වූ පුද්ගලයින් සොයා කැලිෆෝනියා හදිසි අනතුරු අංශ සොදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.