කැබිනට් අමාත්‍යවරුන්ගේ තිහේ සීමාව ගැන තීරණයක්..!

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Cabinet
By Sewvandhi May 18, 2023 03:29 AM GMT
Report

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, කැබිනට් අමාත්‍යාංශ 30ක් පමණක් තිබිම ප්‍රමාණවත් බවයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙම පවතින තත්ත්වය ඉදිරියට ද පවත්වාගෙන යා යුතු බවය.

මේ වන විට, පළාත් පාලන හා රාජ්‍ය පරිපාලන මෙන්ම වාරිමාර්ග සහ මහවැලි එක් අමාත්‍යාංශයක් යටතට පත්ව ඇති අතර වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ද එක් අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් මූල්‍ය අරමුදල ලබාදුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධිය ළගා කරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදි සඳහන් කළේ...

"අද අමාත්‍යාංශ 30ක් පමණ තිබෙනවා.අපි එය එතනට සීමා කරමු. දැන් සිදුව තිබෙන්නේ හොඳ තත්ත්වයක් තමයි, පළාත් පාලන සහ රාජ්‍ය පරිපාලන එක අමාත්‍යාංශයක් බවට පත්කිරීම. වාරිමාර්ග සහ මහවැලි දැන් එකට තිබෙන්නේ.

ලබන වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත එක අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතුයි. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම, හා විදේශ කටයුතු එකට තිබිය යුතුයි.

මේ නව ප්‍රතිව්‍යුහගත කිරීම දැන් ආරම්භ කළ යුතුයි. එම ඇතැම් කටයුතු ලබන වසරේ අවසන් කිරීමට අපට හැකියාව තිබෙනවා. පළමුව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීම.

ඉන් අපට ඉවත් විය නොහැකි අතර ඒ සමග ඉදිරියට යා යුතුයි. ඉන් සිදුවන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිවීම පමණයි. ඉන් පසුව මේ ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අපි අවධානය යොමු කළයුතුයි. ඒ සඳහා අපි සීග්‍ර සංවර්ධන වැඩපිළිවෙළකට යා යුතුයි.

ඒ සදහා අපි 2048 වසර ඉලක්ක කරගෙන තිබෙනවා. මේ රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳ සැම අමාත්‍යාංශයක්ම වගකිව යුතුයි. අපට කාලයක් සිදුවුණා යම් යම් කටයුතු සඳහා මුදල් ලබාදීමට. එයින් සිදුවුණේ ජනතා මුදල් අපතේ යාම පමණයි. රටට මොකක්ද වුණේ කියලා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now