ජනතාවට කඩිනම් සහන සැලසීමට ජනපති ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Cabinet
By Sithumi Feb 13, 2023 01:51 PM GMT
Report

ජනතාවට කඩිනම් සහන සැලසීමට ජනපති ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ජනපති කල යෝජනා පහත පරිදි වේ,  

  • වී මිලදී ගැනීමට සහ පවුල් ලක්ෂ 20ක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබාදීමට
  • රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් 18,000කට හිඟ විශ්‍රාමික පාරිතෝෂික ගෙවීමට
  • මන්දපෝෂණය අවම කිරීමට
  • අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට- කඩිනමින් මුදල් නිදහස් කිරීමට

 මතුව ඇති ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතා අවම කරමින් ඔවුන්ට කඩිනම් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මහ කන්නයේ වී මිලදී ගැනීමටත්, දිළිඳු පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස දෙකෙහි දී සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමටත් අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

තවද, 2022 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් 18,000කගේ හිඟ විශ්‍රාමික පාරිතෝෂික අක්මුදල්වලින් කොටස් වශයෙන් ගෙවාගෙන යෑමටත් කැබිනට් මණ්ඩල තීරණය කර තිබේ. 

 මන්දපෝෂණය තුරන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙන මාසික දීමනාව, ආහාර සුරක්ෂිතාව නොමැති පවුල් සඳහා ලබාදෙන මාසික දීමනාව අඛණ්ඩව ලබා දීමටත්, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී, මූල්‍ය ආධාර හා සමෘද්ධි සහනාධාරය හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමටත් තීරණය කර ඇත.

අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමටත් කැබිනට් මණ්ඩලයේ දී තීරණය විය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now