පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට..

Sri Lanka
By krishani Mar 25, 2023 04:53 AM GMT
Report

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර ඇත.

ඒ පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් විවිධ විමර්ශනවලට පිටතට රැගෙන යන අවස්ථාවල දී වෙඩි තබා මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීමට මාර්ගෝපදේශ මාලාවක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ය.

ඒ අනුව ලබන මස 03 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී නවාස් සහ අචල වෙංගප්පුලි යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join