සිංහල කතා කරන රුසියන් කෙල්ල ලංකාවේ දකුණට මෙච්චර ආදරේ හේතුව මෙන්න(PHOTOS) .

Sri Lanka Russian Federation
By Aruna Oct 25, 2022 04:18 AM GMT
Report

ආයුබෝවන් මගේ නම වැලරි. මට අවුරුදු 23යි.

මම සිංහල භාෂාව ඉගෙන ගත්තෙ මොස්කව් විශ්වවිද්‍යාලයේ දී.

සිංහල භාෂාවට සිංහල ජනතාවට ලංකාවට මම කැමතියි. වැලිගම මෝදර දමිත් සහ නදීකා ගේ ගෙදර දැනට තාවකාලිකව පදිංචි වෙලා සිටිනවා.

ඒ වගේම මම දකුණු පළාතට ගොඩක් ආසයි. ඒක හරියට මට ගෙදර ඉන්නවා වගේ. මම මෙහේ යෝග කරනවා.

සර්ෆ් කරනවා. සිංහලෙන් කතා කරනවා. මම ඒවට ගොඩක් කැමතියි.

ශ්‍රී ලංකාවේ භාෂාවට පෙම් බඳින ලංකාවේ සුන්දරත්වයට ආදරය කරන සිංහල භාෂාව මනාව හසුරුවා කතා කරන ඒ සුන්දර යුවතිය අපට වැලිගම මෝදර ප්‍රදේශයේ දී හමු විය.

ඇය නමින් වැලරි කැලැන්සිකෝවා. පළමු වරට 2019 වර්ෂයේ දී ලංකාවට පැමිණෙන ඇයට සිංහල භාෂාව කතා කරන්නට ලැබුණේ ඒ වන විටත් රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලයේදී සිංහල භාෂාව පිළිබඳව හැදෑරීමට හැකියාව ලැබී තිබූ නිසාවෙනි. පළමුවෙන් කැඩී බිඳීගිය සිංහලෙන් කථා කළ ඇය දැන් මනාව සිංහල භාෂාව හසුරුවන්නීය.

ලංකාවේ විවිධ ස්ථාන දැක බලා ගැනීමට ගියත් දකුණු පළාතට විශේෂ ඇල්මක් ඇති බව ඇය පවසන්නේ දකුණත් සමග සංසාරික බැඳීමක් ඇති බව අපට ඒත්තු ගන්වමිනි.

ඇය එතරම්ම දකුණු පළාතට කැමතිය. ” මම අවුරුදු හතරක් ලංකාව ගැන මොස්කව් විශ්ව විද්‍යාලයේදී ඉගෙන ගත්තා.

මම සිංහල භාෂාව ගැන උපාධිය ලබා ගත්තෙ 2021 ජූලි මාසයේ.

මම 2019 දී පළමුවරට ලංකාවට ආවා. මගේ පිරිසත් සමග අපි ගියා කොළඹ අනුරාධපුර දඹුල්ල පොලොන්නරුව ඊට පස්සේ ගාල්ල මිරිස්ස වගේ ප්‍රදේශවලට. මම සිංහල කෑමවලට කැමතියි.

බුදුහාමුදුරුවෝ ඉන්න තැන් වලට කැමතියි.

” රත්න දීප ජම්ම භූමි

ලංකදීප විජයභූමි

මේ අපේ උදාර වූ මාතෘ භූමියයි”

අප අතරින් වියෝ වූ මහා ගාන්ධර්වයා වූ දිවංගත අමරදේව සූරීන්ගේ මුවඟින් ගැයූ එම ජාතිකාභිමාන ගීතය ඇයගේ මුවින් පිටවූයේ ඇයගේ උපන් භූමිය රුසියාව මෙන්ම ලංකාවේ අභිමානයද මා ලොවට ගෙන යනවා යි යන හැඟීම අප සිත් තුළ ඇති කරවමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery