දෙවැනියට සද මත පා තැබූ ඕල්ඩ්‍රන් ,93 වන උපන්දිනය දා සිව්වන වරටත් යුගදිවියට (PHOTOS)

By Sithumi Jan 22, 2023 12:14 PM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

දෙවැනියට සඳ මත පා තැබූ මිනිසා වන බස් ඕල්ඩ්‍රන්, සිය 93 වැනි උපන්දිනයේ දී සිව්වැනි වරටත් යුග දිවියට එළඹී තිබෙනවා.

ඒ ඔහුගේ දිගුකාලීන පෙම්වතියව සිටි 63 හැවිරිදි ආචාර්ය ඇන්කා ෆවූර් සමග ය.ඇය රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියකි.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඕල්ඩ්‍රන් පවසා ඇත්තේ, ඔහු සිය බිරිඳ සමග යොවුන් පෙම් යුවළක් මෙන් සතුටින් කල්ගත කරන බවය.

බස් ඕල්ඩ්‍රන් 1969 වසරේ සඳ මතට ගමන් කළ ඇපලෝ 11 යානයේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනේ සාමාජිකයෙකි.

සඳ මත පා තැබූ පිරිසෙන් සිව්දෙනෙක් මේ වනවිට ජීවත්ව සිටින අතර බස් ඕල්ඩ්‍රන් ඉන් එක් අයෙකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery