සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම ගැන පළවන වාර්තා ඇත්තක්?..මෙන්න ඇත්ත තත්ත්වය.

Sri Lanka Sri Lanka Social Media
By Aruna Jul 09, 2022 04:31 AM GMT
Report

කිසිදු ආකාරයකින් සමාජ මාධ්‍ය ජාලා අවහිර නොකරන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ජයන්තද සිල්වා මහතා අවධාරණය කරනවා.

ඒ, දුරකතන සේවා සැපයුම්කරුවන්ට විදුලි සංදේශ නියාමන කොමිසම්ෂන් සභාව යැවූ බව කියමින් සංසරණය වන ලිපිය සම්බන්ධයෙන් කළ විමසීමකදීයි.

අදාල ලිපියේ දැක්වෙන්නේ අද උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ නරගයේ දුරකතන සැපයුම් සේවා කටහඬ සන්නිවේදනයට පමණක් සීමා කරන්නැයි දුරකතන සේවා සැපයුම්කරුවන්ට විදුලි සංදේශ නියාමන කොමිසම්ෂන් සභාව දන්වා ඇති බවයි.

සංසරණය වන ලිපියේ සත්‍යතාවයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ජයන්තද සිල්වා පැවසුවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, කිසිදු ආකාරයකින් සන්නිවේදන සීමා කිරීමේ ලිපියක් විදුලි සංදේශ නියාමන කොමිසම නිකුත් කර නොමැති බවයි.

මෙම ලිපිය යොමු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවද විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now