අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක්
Sri Lanka
Transport Fares In Sri Lanka
Sri Lanka Bus Strike
Sri Lanka Fuel Crisis
By Sewvandhi
කිව් ආර් ක්‍රමයට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන බව පවසමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන එක්සත් බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා එක්සත් බස් හිමියන්ගේ සංගමය මෙම වර්ජනයට එක්වනවා.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, සතියකට ඩීසල් ලීටර් 40ක් පමණක් බස් රථ සඳහා ලබාදෙන අතර එය ධාවන කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |