හදිසියේම බස් රථ වර්ජනයක්

Sri Lanka Sri Lanka Bus Strike Sri Lanka Fuel Crisis
By Sithumi Jul 26, 2022 11:20 AM GMT
Report

ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා නුගේගොඩින් ගමන් ආරම්භ කරන මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මාර්ග අංක 119, 117, 168, 176, 689, 183 සහ 259 යන මාර්ගවල බස් රථ සේවකයන් මෙම වර්ජනයේ නිරතවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර බස් රථ රියැදුරෙක්ට සහ කොන්දොස්තරවරයකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ ගල්ගමුව ලංගම ඩිපෝවේ අධිකාරිවරයා සහ තවත් සේවකයන් 06 දෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

පසුගිය 23 වැනිදා ඔවුන් මෙලෙස පහරදුන් බවට චෝදනා එල්ලවූයේ තිබුණේ යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක රියදුරෙකුට සහ කොන්දොස්තරවරයකුටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now