අද මධ්‍යම රාත්‍රියේ සිට බස් සේවයේ වෙනසක් - මගීන්ටත් වාසියක්..!
අද (4) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ,අද (04) මධ්‍යම රාත්‍රී 12 සිට ගාලු පාර ඔස්සේ කතරගම සිට කොළඹ දක්වා ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවය ඉවත් කරන බවයි.
"මේ අර්ධ සුඛෝපභොගී බස්රථ නැති නිසා රු 1,541ක් වන ගමන් බලපත්‍ර ගාස්තුව මගියාගේ අඩුවෙනවා රු 1,117ක් දක්වා."
ප්‍රශ්නය - කොවිඩ් සමයේ දී 20%කින් බස් ගාස්තු සංශෝධනය වුණා. ආසන ගණනට පමණක් මගීන් ගෙනියන්න කියලා. හැබැයි ඒක දැන් සිද්ධවෙන්නේ නෑ. ඒකෙන් 10%ක් අඩුවුණා. ඉතිරිය මගීන්ට දෙන්න පුළුවන්කම තියෙද්දි ඇයි ආණ්ඩුව විදියට නොදෙන්නේ ?
"ආණ්ඩුවක් විදියට නොදෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් -19 අවස්ථාවේ දී නිකුත් කරනු ලැබු චක්‍රලේඛන තවමත් වෙනස් කරලා නෑ. අපි ඉල්ලීම් කරලා තියෙනවා ඒක වෙනස් කරන්න කියලා. ඒ චක්‍රලේඛය වෙනස් කළාම කොමිෂන් සභාව විසින් ඒ පිළිබඳ අධ්‍යයනය කරනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |