අඩු කළ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි..
Transport Fares In Sri Lanka
By krishani
සියයට 11යි දශම 1යි 4කින් අඩු කළ බස් ගාස්තුව අද (05) සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.
ඒ අනුව සාමාන්‍ය සේවා ගාස්තු අවස්ථා 350ක අඩු කිරීම් සිදුකර ඇත.
මෙතෙක් රුපියල් 38ක් වූ අවම බස් ගාස්තුව අද සිට රුපියල් 34 දක්වා අඩු කෙරෙන අතර බස් රථවල වැඩි මුදල් අය කළහොත් 1955 අංකය අමතා කොමිසමට පැමිණිලි කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ජනතාවට දැනුම් දෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |