බස් ගාස්තු ගැන ගත් අලුත්ම තීරණය
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ බස් සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද දින පැවැත්වුණා.එහිදී ඔවුන් කියා සිටියේ,සාකච්ඡා පැවැත්වුවද මේ මොහොතේ බස් ගාස්තු අඩුකිරීමට නොහැකි බවයි.
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ, ප්‍රධාන ලේකම්, අංජන ප්‍රියන්ජිත් මහතා,
"මොනවා සාකච්ඡා කළත් කමක් නෑ. බස් ගාස්තු අඩුකිරීම ගැන සාකච්ඡා කරන්න බෑ. තියෙන තත්ත්වය සමග වාහන අමතර කොටස් මිල 500%කින් ඉහළ ගිහින් තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව ඡන්ද කලාට අපිට කමක් නෑ. හැබැයි පෞද්ගලික බස් කර්මාන්තකරුවා හා සේවකයාව දඩමීමා කරගෙන බස් ගාස්තු අඩුකිරීමක් ගැන කතා කරන්න බෑ. කිසිසේත්ම මේ මොහොතේ බස් ගාස්තු අඩුකරන්න හැකියාවක් නෑ. ඒක ජාතික ප්‍රතිපත්තියටත් පටහැනියි."
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ, සභාපති, ගැමුණු විජේරත්න මහතා,
"කොහොමත් දැනට අඩුකරන්න හැකියාවක් නෑ. ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය මුලික පියවර කිහිපයක් තියෙනවා ඒවා දැනුම්දෙන්න කටයුතු කරනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |