අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම අංශ වල බස් ගාස්තු පහළ යයි..අඩු වන මිල ගණන් ලැයිස්තුව මෙන්න..

Sri Lanka
By Aruna Mar 30, 2023 12:39 AM GMT
Report

ඉන්ධන මිල අඩු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් අද මධ්‍යම රාත්‍රි 12 සිට බස් ගාස්තු සියයට 12 යි දශම 9 කින් පහත දමන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඒ අනුව රුපියල් 34 ක්වූ අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා අඩුකරන බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ප්‍රවාහන අමාත්‍යංශය විසින් තීරණය කර ඇති බස් ගාස්තු සංශෝධනයට තමන් එකඟ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ.

මේ අතර ත්‍රීරෝද රථ ගාස්තු ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව සමස්ථ ලංකා ත්‍රීරෝද රියදුරන්ගේ වෘත්තිය සමිතිය පවසනවා.

එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ, පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100 ක් ලෙසත්, දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 80 ක් ලෙසත් ගාස්තු සංශෝධනය කරන බවයි.

වෙනස් වූ බස් ගාස්තු වල මිල ගණන් ලැයිස්තුව පහතින් බලන්න.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery